සිහිනයත් යථාවත් පැටලෙමින් මම දොර හරිමි. මුදාහැර හෝරාවක් ගෙවෙන්නටත් පෙර මගේ දුව මා සොයා පැමිණ ඇත. සිය ආත්මයේ සියලු දිය උල්පත් සිඳීගියෙකු සේ මගේ දුව මා දෙස බලා සිටී. කඳුළු වස්සන දෑස් චෝදනා වගුරන සුළු වුවද, බිඳුණු අභ්‍යන්තරික වෙව්ලිල්ලක් සමඟ ඇය මට කතා කරයි. "අප්පච්චි....... මම තනියම...!!! ඔයා හදපු ලෝකෙ ඉන්නේ මම විතරද ...?" මම සිහිනයෙන් ඇහැරෙමි. පොදුවේ දැකිය යුතු සිහිනය තනිව දැකීමේ ඛේදය සමඟ ඇහැරෙමි. මම දැන් කුමක් කරන්නද.......? මම මගේ ම දියණිය මුලාකිරීමේ සාපරාධය කර ඇත්තෙමි. ඇය කොතරම් සොඳුරු දැරියක්ව වැඩී ඇත්දයත්, කඳුළු උතුරන දෑසින් හිස් අහස දෙස බලා නිහඬව සියලු වේදනා සිය ගැඹුරේ ම සඟවා ගනිමින් සිටී. දැන් සියල්ලටම මම ප්‍රමාද වැඩිය. නමුත් ඇගේ ඛේදයේ කඳුළු අමුණා තැනූ කටු ඔටුන්න පැළැඳ ස්වයං කුරුසගත වීමකට තවමත් මම ප්‍රමාද නැත. පොදුවේ දැකිය යුතු සිහිනය තනිව දැකීමේ ඛේදය සමඟ මිය යාමට තවමත් ප්‍රමාද නැත. - නාමල් ජයසිංහ - Namal jayasinghe 327 viewsS.A.අබේසිංහ -AHT/5816, 13:00