Get Mystery Box with random crypto!

හිතේ පැටලුණු අකුරු අමුණා නුඹට පෙම් බස් දොඩන්නම් නුඹේ සුවදින් | ❀𝖣𝕣𝖾𝖺𝗆 𝖯𝕒𝗋𝖺𝖽𝗂𝕤𝖾🌠🇱🇰

හිතේ පැටලුණු අකුරු අමුණා
නුඹට පෙම් බස් දොඩන්නම්
නුඹේ සුවදින් හමන මදනල
නිමක් නොමැතව විදින්නම්..

මතක අතරින් නිතර පීනා
සොදුරු තැන් යළි සොයන්නම්
නුඹේ මතකෙන් සැදුණු ඒ ලොව
මමම තනිවම විදින්නම්...

නුඹට බැදි මගේ හදවත
නුඹේ නමින් ගී ලියන්නම්
මගේ ප්‍රේමය සැමදා පුද දී
සදාකල් මා රකින්නම් ...

නුඹට පුද දුන් මගේ ප්‍රේමය
මගේ සිත තුළ තබන්නම්
මතක ගුලි කර විසිකරනු මැන
නුඹට මම සුභ පතන්නම්..
.
.
.
.
.
චූටි_මල්ලී.
~ සැප නෑ සංසාරේ ... ~