Get Mystery Box with random crypto!

ගැහැණු ආත්මයකට හිමි වෙන්නම ඕන, සඳකඩ පහන ගාවින් හැරිලා යන කෙනෙ | ❀𝖣𝕣𝖾𝖺𝗆 𝖯𝕒𝗋𝖺𝖽𝗂𝕤𝖾🌠🇱🇰

ගැහැණු ආත්මයකට හිමි වෙන්නම ඕන,

සඳකඩ පහන ගාවින් හැරිලා යන කෙනෙක් නෙමෙයි,
හිතේ උඩ මළුවටම වැඩම කරන පිරිමියෙක්...

ආවාට ගියාට වචන කියන මනුස්සයෙක් නෙමෙයි,
දෙන වචනෙ මැරෙ.. naකල්ම රකින පිරිමියෙක්...

අහසට සඳ වගේ නෙමෙයි,
සඳට රැස් වළල්ල වගේ පිරිමියෙක්...

ලෝකෙන්ම නුඹව සඟවන්නෙක් නෙමෙයි,
ඔහුගේ ලෝකයේ නුඹ විශේෂ බව ඔප්පු කරන පිරිමියෙක්...

ඔබේ මුහුණේ සුන්දරත්වයට නෙමෙයි,
හදවතේ සුන්දරත්වයට ආදරය කරන පිරිමියෙක්...

අන්ධකාරේ නුඹව තනි කරන කෙනෙක් නෙමෙයි,
පහන් කණුවක් වගේ පාර කියන පිරිමියෙක්...

එහෙව් පිරිමියෙක් ලබන, ලබපු, ලැබෙන ඔබ,
පිංකාරම ගැහැණු ආත්මයක්....
.
.
.
.
.
චූටි_මල්ලී.
~ සැප නෑ සංසාරේ ... ~