Get Mystery Box with random crypto!

සිසුවෙකු විශාල කණ්ඩායම් පන්ති වලින් ඉවත් වී තනි හෝ කණ්ඩායම් පන | Mathsඅපි Official

සිසුවෙකු විශාල කණ්ඩායම් පන්ති වලින් ඉවත් වී තනි හෝ කණ්ඩායම් පන්තියක් සොයා පැමිණෙන්නේ ඇයි?

විශාල කණ්ඩායම් පන්ති තුල අධ්‍යයන කටයුතු සිදු කිරීමේදී සමහර සිසුන්ට කුඩා කල සිට පැවති සුළු රෝගාබාධ වලින් බාධා සිදුවීම. (දුර නොපෙනීම/ශ්‍රවණාබාධ වැනි තත්වයන්)

සිසුන් විශය කරුණු ඉගෙන ගැනීමේදී සිතට නැගෙන ප්‍රශ්න එම මොහොතේදීම ගුරුවරයාගෙන් විමසා පැහැදිලි කරගැනීමට ප්‍රායෝගිකව අවස්ථාවක් හිමි නොවීම.

සමහර අවස්ථාවලදී අධික පීඩනයක් සිතට දැනීම. (විශාල කණ්ඩායම් පන්ති තුලදී හදිසියේ ඇතිවන අවශ්‍යතා සදහා පන්තියෙන් පිටවී යාමට බිය, ලැජ්ජාව වැනි මනෝභාවයන් ඇති වීම.) එවැනි අපහසුතා/ පීඩන තත්වයන් තුලදී ඉගෙන ගන්නා විෂය කරුණු සිසුන්ට කිසිසේත්ම ග්‍රහණය නොවීම.

තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති තුලදී ප්‍රශ්න අසමින්, තර්ක කරමින්, නොතේරුණු කරුණු නැවත විමසමින් විෂය ඉගෙන ගැනීමට සිසුන්ට පූර්ණ නිදහස හිමිවීම. (විශය ගැටළු පන්තිය තුල එසැණින් හෝ පන්තියෙන් පසුව වුවද ගුරුවරයාගෙන් විමසීමේ හැකියාව)