Get Mystery Box with random crypto!

අපි 2018 /2019 A/L ලියපු ලමයි.. 2021 December වල අපිට හෙද පුහ | Mathsඅපි Official

අපි 2018 /2019 A/L ලියපු ලමයි.. 2021 December වල අපිට හෙද පුහුණුව සදහා බදවා ගැනීමට ගැසට් එක ආවා.. ඊටපස්සේ 2022 සැප්තැම්බර් වල interview ආවා.. ඒක december වෙනකන් interview කරා.. ඊටපස්සේ අපි මාස 2ක් බලන් ඉදලා පෙබරවාරි වල HR එකෙන් ministry එකෙන් අහපුවාම medical ලමයි ආයේ interview කරන්න ඕනි appeal අය interview කරන්න ඕනි කීවා.. මේ වෙනකොට ඒ ඔක්කොම ඉවර වෙලා තියන්නේ.. ඒත් තාම nursing selected list එක දාලා නෑ..

අපි දැන් අව්රුදු 4ක් ඉදන් ගෙදර දැන් අපේ වයස 23/24/25 වෙනවා.. ඊටත් අමතරව තව වයස අව්රුදු 26/27 වෙච්ච ලමයිනුත් ඉන්නවා.. ජීවිතේ හොදම කාලේ අපි ගෙවල් ඇතුලේ කොටු වෙලා.. ගැසට් එකේ තියෙන නීති නිසා අපිට වෙන course එකකටවත් යන්න විදියක් නෑ.. ගොඩාක් ලමයි ලොකු බලාපොරොත්තු තියන් ඉන්නේ nursing යන්න.. ඉතින් අපිට 25න් පස්සේ වෙන ජොබ් වලට යන්නත් බෑ වයස වැඩි කියලා..

දුක් මහන්සි වෙලා ඉගෙන ගෙන අන්තිමට අපිට සිද්ද වෙන්නේ වෙන පොඩි රැකියාවක් කරන්න.. අනේ වගකිව යුතු බලධාරීන් මේවට මැදිහත් වෙලා ඉක්මන් තීරනයක් දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා..

@MathsApiOfficial