Get Mystery Box with random crypto!

මූලික සුදුසුකම් මොනවද? නර්ස් කෙනෙක් විදියට එක්සත් රාජධානියට එ | Mathsඅපි Official

මූලික සුදුසුකම් මොනවද?
නර්ස් කෙනෙක් විදියට එක්සත් රාජධානියට එන්න නම් පුර්ණ සුදුසුකම් ලත් නර්ස් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ, හෙද සේවයේ උපාධියක් සහ වසරක අවම පුහුණුවක් තියෙන්න ඕන. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව සම්භන්ධයෙන් සමත් කමක් තියෙන්න ඕන. මේක IELTs (International English Language Testing System) හෝ OET (Occupational English Test) විභාගයක් සමත් වීමෙන් පෙන්නන්න පුළුවන්. IELTS Academic ගන්නවා නම්, කියවීම, සවන්දීම සහ කථනය ට 7.0කුත් ලිවීමට 6.5ක අවම අගයකුත් තියෙන්න ඕන. නමුත් මේ තරම් ඉහල ලකුණක් ගන්න එක බොහොමයක් විට නර්ස් කෙනෙකුට පහසු වෙන්නේ නැහැ. ඉතින් වියදම ටිකක් වැඩි වුනත්, IELTs General වලින් 4.5ක අවම සීමාවක් එක්ක OET exam එක B+ එකක් අරගෙන සමත් වෙන එක තමයි ලේසියි කියන්නේ. OET කියන්නේ සෞඛ්‍ය අංශයේ අයටම තියන exam එකක්. ඔස්ට්‍රේලියාව, නව සීලන්තය වගේ රටවල හෙද සේවාව ඇතුළු තවත් රැකියා වර්ග 12කට පමණ ඉංග්‍රීසි සුදුසුකම් සපුරාලන්න පුළුවන් විභාගයක්. වසර 3, 4ක ඉඳලා එක්සත් රාජධානියත් මෙම විභාගයේ ප්‍රථිපල පිලිගන්නවා. ITELTS exam නම් ලංකාවේ British Council, BMICH, ACBT වගේ ගොඩක් තැන් වල ලියන්න පුළුවන්. OET exam ලියන්න නම් ලංකාවේ තියෙන්නේ ACBT එකේ විතරයි කියලා අදාළ website එකේ තියනවා.

මූලික සුදුසුකම් සපුරගත්තට පස්සේ, Nursing and Midwifery Council (NMC) එකේ ලියාපදිංචි වෙලා එමගින් පවත්වන නිපුණතා පරීක්ෂණයට (Test of Competence/ToC) මුහුණ දෙන්න වෙනවා. මේ ToC එකේ ආකෘතිය 2021 අගෝස්තු ඉඳලා වෙනස් වෙනවා කියලා NMC website එකේ තියනවා. මේ නිපුණතා පරීක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි. පළමුවැන්න පරිගණක ආශ්‍රිත පරීක්ෂණයක් (computer based test/CBT). දෙවැන්න සායනික පරීක්ෂණයක් (Objective Structured Clinical Examination/OSCE). මේ දෙකම සම්පුර්ණ කලාට පස්සේ තමයි NMC එකෙන් පුද්ගල හැඳුනුම් අංකයක් (Personal Identification Number/PIN) ලැබෙන්නේ. පහලම තියන NMC පිටු දෙක ඔස්සේ ගිහින්, හොඳට කියවලා බලලා අදාළ කරුණු තහවුරු කරගන්න.

Pearson ආයතනය හරහා පවත්වන මේ පරිගණක ආශ්‍රිත (CBT) පරීක්ෂණයට මුහුණ දෙන්න නම්, ලංකාවේ එකම එක විභාග මධ්‍යස්ථානයක් තමයි තියෙන්නේ. ඒක තියෙන්නේ දෙහිවල කියලා තියනවා pearson VUE website එකේ.

Knowledge Merchandising (PVT) (LTD)
28 Galle Road , Mount Lavinia
Western Province, Colombo
10370
Sri Lanka

මේ CBT එක පැය 4ක කාලයකදී බහුවරණ 120කට මුහුණ දෙන්න තියන විභාගයක්. පළමු කොටස සංඛ්‍යා සම්බන්ධ බුද්ධි පරීක්ෂණයක්, දෙවැනි කොටස හෙද සේවාවේ න්‍යායාත්මක දැණුම පරික්ෂා කරන ගැටළු තියෙන්නේ.

CBT exam එක කරලා, අදාළ අනෙකුත් ලියකියවිලි NMC එකට submit කලාට පස්සේ මාස දෙකක් ඇතුලත පිළිතුරක් තැපෑලෙන් ලැබෙනවා. එකත් එක්ක, NHS Trust එකට අදාල ලියකියවිලි ඉදිරිපත් කරලා, Certificate of Sponsorship (COS) එක ලබාගන්න ඕනේ. මොකද work visa එකක් ගන්න සේවායෝජකයෙක් sponsor කරන්නම ඕන.

ඊට පස්සේ Visa apply කරලා, visa ලැබුනට පස්සේ flight book කරලා එක්සත් රාජධානියට එන්න ඕන. එතනින් පස්සේ තමයි NHS Trust එකෙන් ඔයාව OSCE එකට පුහුණු කරන්නේ. පුහුණුවෙන් පස්සේ OSCE එක පාස් වෙන්න ඕන. නොවුනොත්, තව පාරක් උත්සහ කරන්න පුළුවන්. 97%ක් පමණ සමත් වෙනවා කියලා තමයි කියන්නේ. එහෙම පාස් වෙන්න බැරි වුනොත්, ආපහු අකුලාගෙන යන්න වෙනවා. ඒ නිසා ඒකත් සමත් වෙනකල් පවුලේ අනිත් අයව මෙහෙට ගෙන්නගන්නේ නැතුව හිටියොත් තමයි හොඳ.

මම දන්නෙම නැති දෙයක් ගැන ලිව්වේ. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා මේ link වලට ගිහින් බලන්න.

Pearson VUE for CBT:
https://home.pearsonvue.com/nmc

NMC Registration:
www.nmc.org.uk/registration/joining-the-register/

NMC ToC:
www.nmc.org.uk/toc

ලිපිය සදහා විශේෂ ස්තූතිය : Indunil Chamara Illangasinghe
Maths අපි ඉදිරිපත් කිරීමක්....