Get Mystery Box with random crypto!

ලොව කුඩාම උරගයා වනුයේ Brookesia nana (nano Chameleon) නම් කටුස | General knowledge🥇

ලොව කුඩාම උරගයා වනුයේ Brookesia nana (nano Chameleon) නම් කටුසු විශේෂයයි. පිරිමි සතුන් මිලිමීටර 13.5 ක් පමණ වැඩෙන අතර ගැහැණු සතුන් මිලිමීටර 22 ක් පමණ වැඩේ. මොවුන් ජීවත් වනුයේ උතුරු මැඩගස්කරයේ Degraded montane නම් වැසි වනාන්තරයෙහි පමණි. මයිටාවන් දඩයම් කරමින් ජීවත් වන අතර රාත්‍රියේදී විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට තණකොළ අතර සැගවී සිටියි. ෆ්‍රෑන්ක් ග්ලොව් නම් පරිසර විද්‍යඥයාගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම සත්ව විශේෂය සොයා ගන්නා ලදී. මෙම සත්වයා කෙතරම් කුඩාද කිවහොත් පහසුවෙන් ඇඟිලි තුඩක් මත වුවද තබා ගත හැකිය.