Get Mystery Box with random crypto!

Present Continuous Tense (වර්තමාන තත්කාලීන ක්‍රියා) යම් ක්‍ර | 📚 Learn English Free 📚

Present Continuous Tense (වර්තමාන තත්කාලීන ක්‍රියා)

යම් ක්‍රියාවක් නොකඩවා මේ දැන් කෙරීගෙන යන්නේ නම් Present Continuous Tense (වර්තමාන තත්කාලීන ක්‍රියා) යනුවෙන් හදුන්වනු ලැබේ.

තවද මෙම වාක්‍යවල ක්‍රියාව "ing" නම් අකුරු වලින් අවසන් විය යුතුය.

උදාහරණ :-

I am Reading a book - මම පොතක් කියවමින් සිටිමි

I am teaching English to you all - මම ඔබ සැමට ඉංග්‍රිසි උගන්වමින් සිටිමි.

He is preparing the lunch - ඔහු කෑම පිළියෙල කරමින් සිටී.

They are playing football - ඔවුන් පාපන්දු ක්‍රිඩාකරමින් සිටී.

ප්‍රශ්න (Questions)

What are you doing now ? - ඔයා දැන් මොකක්ද කරමින් ඉන්නේ?

What am i doing now ? - මම දැන් මොකක්ද කරමින් ඉන්නේ?

What is he doing now ? - ඔහු දැන් මොකක්ද කරමින් ඉන්නේ?

What are they doing now ? - ඔවුන් දැන් මොකක්ද කරමින් ඉන්නේ?

What is Dishan doing now ? - ඩිෂාන් දැන් කුමක් කරමින් සිටීද?

Aren't (are not) you coming ? ඔබ එන්නේ නැත්ද?

Isn't (is not) he coming ? - ඔහු එන්නේ නැත්ද?